Spread the love

ලුණුගම්වෙහෙර කුඩා ගම්මාන 01, ස්පීල්යාය ප්‍රදේශයේදී පුද්ගලයෙකුව වෙඩිතබා ඝාතනය කර තිබේ.

පොලීසිය පැවසුවේ මියගිය පුද්ගලයා සිය නිවසේ සිටියදී මෙලෙස වෙඩිතබා ඇති බවය.

මියගොස් ඇත්තේ 37 හැවිරිදි කුඩා ගම්මාන 01 ස්පීල්යාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පිටතින් පැමිණි පුද්ගලයෙකු නිවසේ ජනේලයක් තිබෙන ස්ථානයක සිට, නිවසේ සිටි මෙම පුද්ගලයාට වෙඩිතබා පළාගොස් ඇති බවය.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ලුණුගම්වෙහෙර පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.