Spread the love

සහල් ගැටලුව විසඳීමට ආණ්ඩුවට කිසිඳු උවමනාවක් නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි..

ඒ අනුව ආණ්ඩුව සහල් ආනයනය කිරීමේ තීරණය හරහා දේශීය සහල් මෝල් හිමියන් සමඟ එක්වී සහල් මිල වැඩි කිරීමේ තීරණයක් ගෙන ඇති බවයි අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

තරුණයින් පැන යන විට පෙම්වතියට කියන්නේ ‘සම්බෝලයි බතුයි කාලා හෝ ජීවත්වෙමු’ බව නමුත්, දැන් සම්බෝල කෑමට පොල් ද නොමැති බවත්, බත් කෑමට සහල් ද නොමැති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල වැඩිදුරටත් සඳහන් කළේ.