Spread the love

වනජීවි නිවාඩු චක්‍රලේඛය පිළිබඳව සමස්ත ලංකා වනජීවි නියාමක සංගමයේ නම යොදාගනිමින් සිදු කරන ප්‍රචාර මුළුමනින්ම අසත්‍ය බව එම ජසංගමයේ ප්‍රධාන ලේකම් ඩබ්. එල්. ඒ . ටී සඳරුවන් මහතා පවසයි

අදාල කරුණ සම්බන්ධයෙන් වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද 021/2022 දරණ චක්‍රලේඛය සම්බන්ධව මේ වනවිට වෘත්තිය අරගලයක් සිදු කරන බවට රාවයක් පැතිර යමින් පවතී.

එම ප්‍රචාර මුළමනින්ම අසත්‍ය බවත්, තම සංගමය කිසිදු අවස්ථාවක වෘත්තිය අරගලයක් පිළිබඳ තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවත් සමස්ත ලංකා වනජීවි නියාමක සංගමයේ ප්‍රධාන ලේකම් ඩබ්. එල්. ඒ . ටී සඳරුවන් මහතා ඊයේ (18) දින වනජීවි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිපියක් මගින් කරුණු දක්වා ඇත.

ඒ අනුව තම සංගමය අදාල චක්‍රලේඛය පිළිබඳව මෙතෙක් කිසිදු වෘත්තිය අරගලයක් සිදු කිරීමට කටයුතු යොදා නැති බව අවධාරණයි.

අදාල චක්‍රලේඛය මගින් වනජීවි නියාමක නිලධාරින්ට යම් අගතියක් සිදුවන්නේ නම් එම චක්‍රලේඛය සකස් කළ සහකාර අධ්‍යක්ෂ (සංචාරක කළමනාකරණ) අධ්‍යක්ෂ (පාලන) හා වනජීවි අධ්‍යක්ෂ ජනරාල් සමග සාකච්ඡා කර විසඳා ගත හැකි බවත්, වනජීවි දෙපාර්තමේන්තුවේ පරිපාලනය පිලිබඳ තම සංගමය විශ්වාසය තබා කටයුතු කරන බවත් ලේකම්වරයා පවසයි.

එම නිසා තම සංගමයේ නම යොදා ගනිමින් වෘත්තිය අරගලයක් සිදු කරන බවට ගෙන යන ප්‍රචාරය සම්පූර්ණ සාවද්‍ය බවත්, එවැනි තීන්දුවක් තම සංගමය කිසිදු අවස්ථාවක ගෙන නොමැති බවත් සමස්ත ලංකා වනජීවි නියාමක නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි.