Spread the love

වේයන්ගොඩ බැවන් වත්ත විහාරස්ථානයේ බෝධි පූජාවක් පවත්වමින් සිටි භික්ෂූන් වහන්සේ නමකට එම දායක පිරිස් ඉදිරියේම පහර දීමක් සිදු කළ බව පැවසෙන මවක් හා ඇගේ දියණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දැඩි ලෙස අවවාද කර ඇප මත මුදා හැර ඇත.

එම විහාරස්ථානය අසල පදිංචි 39 හැවිරිදි මවක් හා ඇයගේ දාහත් හැවිරිදි දියණිය මෙසේ අත්අඩංගුවට ගෙන තිබිණි.

විහාරාධිකාරී හිමියන්ට පහර දුන් අවස්ථාවේ එම ගැටුම සමනය කර ඇත්තේ බෝධි පූජාවට සහභාගි වී සිටි උපාසක උපාසිකාවන් විසිනි.

අදාල භික්ෂූන් වහන්සේ විසින් තම දිනණියට දුරකථනය මගින් බලපෑම් කරන බවට ඇගේ මව විසින් පොලිසියට සඳහන් කර තිබුනු අතර ඒ පිළිබඳව කලින් පැමිණිල්ලක් ද පොලිසියට කර තිබේ.