Spread the love

දඹුල්ල වෑවලවැව අලකොල වැව ප්‍රදේශයේ හේනක වැඩට ආ කම්කරුවෙකුට 20 රාත්‍රි කැලැ අලියෙකු පහරදිම නිසා මිය ගොස් ඇති බව සිගිරිය පොලිසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 60ක් පමණ වයස පිරිමි පුද්ගලයෙකි.

ඔහු හැටන් ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන බවත් වසර 10ක් පමණ කාලයක් වැවැල අලකොල වැව ප්‍රදේශයේ කුලි රැකියාවල නිරතව සිට ඇත.

20දින රාත්‍රි 8ට පමණ ඔහු වැඩ කරණ බටු හේනේදි මෙම අලියා පහරදිම නිසා මිය ගොස් ඇත.

මේ දිනවල වෑවල සිගිරිය කණ්ඩලම ඇරෑවුල කළුන්දැව ප්‍රදේශවල කැලැ අලින් නිතරතරම ගැවෙසෙන අතර ජනතාවගේ ජිවිත අනාරක්ෂිත බව ජනතාව පවසති.

මෘත ශරිරය දඹුල්ල රෝහලේ තබා ඇති අතර සිද්ධිය පිලිබදව සිගිරිය පොලිසිය පරික්ෂණ පවත්වයි