ඩොලර් බිලියන දෙකයි දශම තුනක ණය මුදලක් ජාත්‍යන්තර ණය දෙන සමාගම් වලින් ගැනීමට රජය බලපොරොත්තු වන බව ජන අරගල ව්‍යාපාරය පවසයි.
ඊට පාර්ලිමේන්තුවේදී අනුමැතිය ලබා ගෙන ඇති බවත් එහි ප‍්‍රචාරක ලේකම් පුබුදු ජයකොඩි මහතා පැවසීය.
පසුගියදා සම්මත වූ අයවැය යෝජනාවලිය හරහා මෙම ණය මුදල ලබා ගැනීමට අනුමැතිය ලබාගෙන ඇති බවද ඒ මහතා කියා සිටි.
ජන අරගල සන්ධානයේ මැතිවරණ ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.