Spread the love

ඩෙවෝන් – 5 බහුදින ධීවර යාත්‍රාවේ ස්කිපර්වරයා ඇතුළු මියගිය ධීවරයින්ගේ පවුල්වල සාමාජිකයින් වෙත සානුකම්පිතව සළකා බලා සුදුසු වන්දි මුදලක් ගෙවීමට පියවර ගන්නා බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

මුහුදේ පාවෙමින් තිබූ බෝතලයක තිබු ද්‍රාවණයක් පානය කිරීම නිසා මෙම අවාසනාවන්ත මරණයන් සිදුවූ බවට පැවසෙයි.

මේ අතර ඩෙවෝන් – 5 යාත්‍රාවේ තිබු යාත්‍රා නිරීක්ෂණ ආපදා බොත්තම ක්‍රියාත්මක කර ආපදාව පිළිබඳව දැනුම්දීමට කටයුතු කර නොමැති වීමද කනගාටුදායක කරුණක් බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

ඒසේ දැනුම් දුන්නා නම් මීට වඩා කඩිනමින් මුදාගැනීමේ කටයුතු සිදුකිරීමේ අවස්ථාවක් තිබූ බවද පැවසුවේය.

ඩොවෝන් – 5 යාත්‍රාව ගොඩබිම සිට නාවික සැතපුම් 360ක් එනම් 600kmකට අධික දුරකින් ගමන්කර තිබු අතර එවන් දුරක් වෙත ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා මගින් ගමන් කිරීමට ඇති හැකියාව තමන් සොයාබැලු බවත් ඩග්ලස් දේවානන්දා මහතා කීවේය.