ඩෙංගු රෝගීන් 14678 දෙනෙකු මේ වසරේ වාර්තා වී ඇති අතර එයින් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි.
වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ, ගම්පහ, කලුතර හා රත්නපුර දිස්ත්‍රික්කවලින් බවද සඳහන්.
මේ අතර, ප්‍රාදේශීය මට්ටමින්, පාසල්වල ඩෙංගු මර්ධන වැඩසටහන් මෙම සති අන්තය තුළ ආරම්භ කරන ලෙස ජාතික ඩෙංගු මර්ධන ඒකකය විසින් දැනුම් දී තිබෙන බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.