Spread the love

වැසි තත්ත්වයේ වැඩිවීමත් සමඟ ඩෙංගු රෝගය යලි හිස එසවිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.

ඒ අනුව කොළඹ ,කළුතර ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්ක වල දූමායනය සහ මදුරුවන් බෝවීම වැලැක්වීම සදහා අවශ්‍ය කටයුතු කරන බව පැවසීය.

මේ වනවිට වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙයි. එම සංඛ්‍යාව 10579කි.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 5006 ක් සහ යාපනය දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 4150ක් වාර්තා වී ඇතිබව ජාතික ඩෙංගු මර්දන ඒකය පවසයි.

වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 42069 දෙනෙකු වාර්තා වී තිබේ.

ඩෙංගු වැළඳීමෙන් පුද්ගලයන් 20 මියගොස් ඇතිබව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.