Spread the love

පැල්මඩුල්ල පොලිස් ස්ථානයේ මහාමාර්ග යතුරුපැදි සංචාර නිළධාරීන් විසින් රථවාහන පරික්ෂාවක් අතරතුරදී සැක කටයුතු ටිපර් රථයක් පරික්ෂා කර කේරළ ගංජා 123kg ක් සමග සැකකරුවෙකු අත්අත්අඩංගුවට ගෙන ඇත.

සෂික ප්‍රදීප් නැමැති 39 හැවිරිදි ඇඹිලිපිටිය පදිංචිකරුවෙකු වන අතර, මොහු මෙම කේරළ ගංජා තොගය ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිට ඇහැලියගොඩ දක්වා සැකකරුට අයත් ටිපර් රථයෙන් රියදුරු වශයෙන් සිටිමින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ටිපර් රථයේ පසුපස බහාලුම් උර 06 ක සගවාගෙන ගොස් ඇත.

මෙම සැකකරු දීර්ඝ කාලයක සිට කේරළ ගංජා ඇහැලියගොඩ ප්‍රදේශයට ටිපර් රථයෙන් ප්‍රවාහනය කර ඇති බවට මෙතෙක් සිදුකරන ලද විමර්ශන වලදී අනාවරණයවී ඇත.