Spread the love

බන්ධනාගාරගතව සිරදඬුවම් විඳිමින් සිටින පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් හෙට වෙසක් පොහොය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට නියමිත රැඳවියන් අතර නැති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

වෙසක් පොහොය දිනයේ සිරකරුවන් වෙත ලබාදෙන ජනාධිපති සමාව යටතේ ඥානසාර හිමිද නිදහස් කරන ලෙස සිව් මහා නිකායන්හි මහානායක හිමිවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

ඥානසාර හිමියන් ඉස්ලාම් ආගමට සිදු කරන ලද අපහාස වලට වරදකරු වී වසර හතරක බරපතල වැඩ ඇතිව සිරදඬුවම් විඳිමින් සිටී.