Spread the love

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සොයමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ පවත්වමින් සිටී.

ඒ හිල්ටන් හෝටලයේ රථගාලේ දමා ගොස් තිබූ නීති විරෝධී දෙස භාවිතා කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් ගැන සිදු කරන පරීක්ෂණයට අදාළව ප්‍රකාශ ලබා ගැනීමටයි.

එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නැයි ඔහුට දැන් වුවද අසනීප තත්ත්වයක් නිසා එහි පෙනී සිටිය නොහැකි බව ඔහුගේ නීතිඥවරු හරහා දන්වා තිබින.

නමුත් දින කිහිපයක් ගත වූ පසු ඔහු ප්‍රකාශයක් ලබා නොදීම නිසා විමර්ශනද අඩපණ වී තිබේ.

දිගින් දිගටම ඔහු රහස් පොලිසියට නොපැමිණ සිටියොත් ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කොට පියවර ගැනීමට නියමිතව ඇත.