Spread the love

හිටපු මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් ආරම්භ කරන ලද කොහුවල ගුවන් පාලම පසුගියදා අමාත්‍ය බන්ධුල ගුණවර්ධන විසින් පසුගියදා විවෘත කර තිබිණි.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් හංගේරියානු රජය සමග සාකච්ඡා කර මේ සදහා මුදල් ප්‍රතිපාදන වෙන කරවාගෙන මෙම ගුවන් පාලමේ වැඩ කටයුතුද ආරම්භ කරන ලද්දකි.

නමුත් ඇමති බන්දුල ගුණවර්ධන මහතා එය විවෘත කිරීමේ අවස්ථාවට ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයාට ආරාධනා කර හෝ නොතිබිණි.

මීට ප්‍රථමද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මහාමාර්ග අමාත්‍යවරයාව සිටියදී ආරම්භ කළ කොම්පඤඤ වීදිය ගුවන් පාලම විවෘත කරන අවස්ථාවටද ආරාධනා කර නොතිබිණ.

ආණ්ඩුවේ මන්ත‍්‍රීවරයෙකු ලෙස මේ වන තෙක් කටයුතු කරන ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා මේ හේතු මත නොසතුටින් පසුවන බවත් වාර්තා වෙයි.