Spread the love

ජෙලිෆිෂ් මත්ස්‍යයින් ස්පර්ශවී ඇති වූ ආසාත්මිකතාවයක් හේතුවෙන් පානදුර මුහුදේ දියනාමින් සිටි පුද්ගලයින් 12 දෙනෙකු රෝහල්ගත කර ඇතිබව පොලිසිය පවසයි.

අදාළ පිරිස ප්‍රතිකාර සඳහා පානදුර මූලික රෝහලට යොමු කර තිබේ.

මෙම මත්ස්‍ය විශේෂය ශරීරයේ ස්පර්ශවූ ස්ථානයන්හි රතුපැහැ ගැන්වීම, කැසීම් සහ වේදනාවක් දැනීම වැනි රෝග ලක්ෂණ මතුව තිබේ.

මුහුදු ජීවින් විශේෂයක් වන ජෙලි ෆිෂ් මැයි සහ අගෝස්තු අතර මාසවල නොගැඹුරු මුහුදේ සිටිනු දක්නට හැකියි.

ඒ හේතුවෙන් මුහුදු රළ පෑගීම, කිමිදීම සහ වෙරලේ ගැවසීමේදී ඒ පිළිබඳ අවදානයෙන් සිටිම වැදගත් බව පරිසරවේදීන් දැනුම් දෙයි.