Spread the love

හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේ මුරකරුව (09) දින අලුයම කිසියම් පුද්ගලයෙකු විසින් හිසට පහර දි ඝාතනය කර පල්ලියේ තිබු පිං කැටය කඩා මුදල් රැගෙන ගොස් ඇති බව හැටන් පොලිසිය පැවසිය.

මෙසේ ඝාතනය කර ඇත්තේ හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේ වසර දෙකක පමණ කාලයක් මුරකරු වශයෙන් සේවය කරමින් සිටි හැටන් හිජිරාපුර ප්‍රදේශයේ පදිංචි එම්.ඊබ්‍රහිම් (67) යන සිව්දරු පියයි.

(09) දින අලුයම1 ට පමණ ජුම්මා පල්ලියේ තාප්පයෙන් පැන කිසියම් පුද්ගලයෙකු මුරකරු විවේක ගන්නා කාමරය වෙත ගොස් පසුව ඉන් පිටතට පැමිණ පල්ලියේ තිබු පිං කැටය කඩා එහි තුල තිබු මුදල් රැගෙන ගොස් ඇති බව හැටන් ජුම්මා පල්ලියේ අනුශාසන ඒ.ජේ.එම්.ෆාමිස් මහතා පැවසිය.

අවස්තා කිහිපයකදිම හැටන් ජුම්මා පල්ලියේ පිං කැටය කඩා මුදල් රැගෙන ගොස් ඇති බවත්, ඉන් අනතුරුව එය රැක ගැනිම සදහා පල්ලියට මුරකරුවෙකුගේ සේවය යොදාගත් බවයි එම පල්ලියේ භාරකාර මණ්ඩලය කියා සිටියේ.

සැකකරු පල්ලිය වෙත ඇතුල්වන ආකාරය සහ පිං කැටය කඩන අයුරු පල්ලියේ සවි කර ඇති ආරක්ෂිත කැමරා පද්ධතියේ සටහන් වි තිබුණි.

ඝාතනය සම්බන්ධයෙන් හැටන් මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව හැටන් පොලිසිය පැවසිය.

ඝාතනය සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනිම සදහා හැටන් පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ පවත්වයි.