Spread the love


නිමල් රාජපක්ෂ-

උයන්කැලේ ,තල්ලුරුව,පිටවත්ත ,මාලමුල්ල ,අරුග්ගොඩ යන ප්‍රදේශවල කළ සෝදිසි මෙහෙයුමකදී රුපියල් ලක්ෂයක් වටිනා නිති විරෝධී මත්පැන් තොගයක් සමගින් සැකකරුවන් 8 දෙනෙකු පානදුර සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සෝදිසි මෙහෙයුමේදී කිසිදු බියක් සැකක් නොමැතිව ජාවාරම් කරුවන් මත්පැන් ජාවාරමේ නිරතව සිටියදි කොටු කර ගැනීමට සුරාබදු නිලධාරින් සමත්වී ඇත.
අත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ කසිප්පු මිලි ලීටර් 18 000 ක් තිබු බව පානදුර සුරාබදු ස්ථානාධිපති දමිත ජයරත්න මහතා පවසයි.
සැකකරුවන් සුරාබදු ඇපමත මුදාහැර ඇති අතර මේ මස 15 වැනි දින පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සහකාර සුරාබදු කොමසාරිස් සමන්ත කොස්තා මහතාගේ උපදෙස් මත, සුුරාබදු අධිකාරී සුගත් කොලොන්න මහතාගේ මෙහෙයවීමෙන් , පානදුර සුරාබදු ස්ථානාධිපති දමිත ජයන්ත මහතාගේ අධීක්ෂණයෙන් , පරීක්ෂක සනත් පීරිස්, නියාමකවරුන්වන කරුණාතිලක ,මධුසංක,විජේසිංහ,රියදුරු හෙට්ටිආරච්චි යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.