Spread the love


නිමල් රාජපක්ෂ –

, ජාති ආගම් භේද වලින් තොර ශ්‍රී ලාංකික වු පාසල් පද්ධතියක් අවශ්‍යතාවය පවතින බව මධ්‍යම ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා පවසයි.

දෙල්තොට මුස්ලිම් විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය මධ්‍යම ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) පැවැති අවස්ථාවේ දී මේ බව පැවසුවේය .
මෙහිදී විවිධ අංශයන්ගෙන් දක්ෂතා දැක්වූ සිසු සිසුවියන් 150 දෙනෙකුට ආසන්න පිරිසක් සදහා ත්‍යාග සහ ඇගයීම් සහතික ප්‍රදානය කළ අතර, මෙහිදී විද්‍යාලයේ තාක්ෂණික ඒකකය සිසු අයිතියට පත්කිරීම ද මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

මෙහිදී අදහස් දක්වමින් ලලිත් යු ගමගේ මහතා, එක ජාතියක් ලෙස සිතන්නට ආරම්භ කල යුත්තේ පාසලෙන් බවත්, වර්තමානය වන විට පාසල් ජාති ආගම් වලට අනුව බෙදලා සහජීවනය ගැන ඉගැන්වීමට කටයුතු කරනු අයුරු නිරීක්ෂණය වන බවත්, ජාති ආගම් භේද වලින් තොර ශ්‍රී ලාංකික වු පාසල් පද්ධතියක් අවශ්‍යතාවය පවතින බවත්, ඒ සදහා ජාතික මට්ටමෙන් කථිකාවතක් නිර්මාණය විය යුතු බවත්ය.
පාසල් පද්ධතිය තුළින් කුසලතා සහ දැනුම පමණක් නොව ආකල්පයන්ගෙන් ද පෝෂණය වූ දරුවෙකු බිහිකිරීම අධ්‍යාපනයේ පරමාර්ථය විය යුතු බවත් ඒ ඔස්සේ රටට හිතැති මතු පරපුරක් නිර්මාණයක් නිර්මාණය කිරීමේ හැකියාව පවතින බවත් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එම මහතා සදහන් කර සිටියේය. මෙහිදී විද්‍යාලයේ පවතින අවශ්‍යතා සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයා දැනුවත් කර සිටි අතර, මෙම වර්ෂයේ ප්‍රතිපාදන මත එම විද්‍යාලයේ අවශ්‍යතා ලබාදීම සදහා කටයුතු කරන බව ද මෙහිදී ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේය.

මෙහිදී පළාත් ආණ්ඩුකාරවරයා දෙල්තොට මුස්ලිම් විද්‍යාලයටත්, මධ්‍යම පළාතටත් සිදුකළ සේවාව අගයමින් විශේෂ සමරු තිළිණයක් පිරිනැමීම ද සිදු වු අතර, මෙම වැඩසටහන සදහා දෙල්තොට ප්‍රාදේශීය ලේකම් රුවන්ධිකා හෙන්නායක, මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී.සී.අයි. අන්දරගේ, විද්‍යාලයේ විදුහල්පති ෆයිසාල් අහමඩ් යන මහත්ම මහත්මීන ද එක් ව සිටියහ.