Spread the love

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නැකත් සීට්ටුවේ අවසන් අවුරුදු නැකත වශයෙන් අදට (18) යෙදුණු පැළ රෝපණය කිරීමේ සමාරම්භක අවස්ථාව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

සිංහල දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුවේ ජාතික රුක් රෝපණ නැකතට පැළ රෝපණය කිරීම සිදු කෙරේ.

පෙරවරු 10.16ට යෙදුණු සුබ නැකතින් පැළ රෝපණය කර, මෙම ජාතික නැකත සමරනු ලැබූ අතර, ‍මෙහිදී කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොවිජන මන්දිර පරිශ්‍රයේ දී පළතුරු පැළ රෝපණය කිරීම සිදු කරනු ලැබීය.

ජාතික රුක් රෝපණ නැකත තුළ අපි පැළ මිලියනයක්වත් රෝපණය කළ යුතුයි. ඒ ඉලක්කය අපිට තියෙනවා. මේ රෝපණය කරන හැම පැළයක්ම  කිසියම්   ආදායමක් ලබා දෙන පැළයක් මෙන්ම ඵලයක් දෙන පැළයක් බව මම ප්‍රකාශ කරනවා.

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් පුවක් පැළ මිලියන 1.5ක් රෝපණය කිරීම, කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය මඟින් තේ වතුවල පුරප්පාඩු සිටුවීම සඳහා තේ පැළ මිලියන 1.3ක් රෝපණය  කිරීම, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ගෙවතු  ලක්ෂයක් වගා කිරීමේ වැඩසටහන ආරම්භ කිරීම, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ගෙවතු 30,000ක් වගා කිරීම ඇරඹීම, පොල් සංවර්ධන මණ්ඩලය විසින් පොල් පැළ ලක්ෂයක් අලුතින් රෝපණය කිරීම, කුරුඳු, ගම්මිරිස් වැනි කුළුබඩු පැළ වර්ගත් රෝපණය කිරීම අදින් ඇරඹෙනවා.

මෙම අවස්ථාවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය කාදර් මහතාත්, අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් හා සියලු කාර්යය මණ්ඩලය ද සහභාගී වූහ.