Spread the love

ජාතික පාසල්වලට ළමුන් ඇතුළත් කිරීම සඳහා ලිපි නිකුත් කිරීම අද (20)සිට තාවකාලිකව අත්හිටවූ බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

 පාසල් නිවාඩු කාළය අවසන් වන විට මේ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට නියමිතයි.ඉන් අනතුරුව මහජනතාව දැනුවත් කරන බව එම අමාත්‍යංශය සදහන් කරයි.

අද දින අධ්‍යාපන අමාත්‍යාංශයේ දී නව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වැඩ ආරම්භ කිරීමෙන් පසු නිලධරීන් සමඟ සිදු කරනු ලැබූ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.