Spread the love


ජාත්‍යන්තර පරිසර දිනය හා සමගාමීව “සතුන් වෙනුවෙන් දහම් හඩ” සංවිධානය මගින් සංවිධානය කළ රුක් රෝපණ වැඩසටහනක් මහනුවර,  මයිලපිටිය ලක්පහන විද්‍යාලයේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

මෙහිදී  මී පැල 200 ක් හා කොස් පැල 200 ක් සිටුවමින් අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා පරිසරය වෙනුවෙන් දිනයක් වෙන් කර තිබුන ද පරිසරය සුරැකීම දිනකට සීමා නොකළ යුතු බවත්, පරිසරයට වින කටින්නන් වෙනුවෙන් පරිසරය විසින් ම ප්‍රති උත්තර දෙන විට එය ඉතා දරුණු වන බවයි.  අද දවසේ දරු පරපුර පරිසරයට වඩා සමීප කරමින් පරිසරය සම්බන්ධයෙන් යහපත් ආකල්පයන්ගෙන් පෝෂණය කිරීමෙන් අනාගතයේ දී වර්තමානයට වඩා පරිසරයට ලැදි පුරවැසියන් අපේක්ෂා කළ හැකි බවත් මෙහිදී  සදහන් කළේය.