Spread the love


නිමල් රාජපක්ෂ-

 

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා සම්බන්ධීකරණ කමිටුවට නව සාමාජිකයින් තිදෙනකු පත් කිරීමට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනය, ස්වාධීනත්වය සහ විනිවිදභාවය ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ක්‍රීඩා අමාත්‍යාංශය අතර සම්බන්ධීකරණය පවත්වාගෙන යාම, සන්නිවේදනය කිරීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා සම්බන්ධීකරණ කමිටුවේ සාමාජිකයින් ලෙස සිදත් වෙත්තමුණි – සභාපති,රඛිත නිර්මල රාජපක්ෂ- ලේකම්,උපාලි ධර්මදාස- සාමාජික යන මහත්වරු තිදෙනා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් පත්කරන ලදි .

1973 අංක 25 දරණ ක්‍රීඩා පනතේ (සංශෝධිත) 39 (3), 40 සහ 41 වගන්තිවලට අනුව සහ එහි සම්පාදනය කරන ලද රෙගුලාසිවලට අනුව හා අංක 2351/7 දරන 2023.09.25 දින ප්‍රකාශ කරන ලද ගැසට් පත්‍රයට අනුව 2023.09.26 වැනිදා සිට නැවත දැනුම් දෙන තුරු ක්‍රිකට් ක්‍රීඩාවේ ජාත්‍යන්තර ක්‍රීඩා සම්බන්ධීකරණ කමිටුවේ සාමාජිකයන් ලෙස මෙම නිළධාරීන් කටයුතු කරනු ඇත.