Spread the love

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා අද (19) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා අභාවප්‍රාප්ත තිබෙනවා.

මියයන විට ඔහු 75 වන වියේ පසුවුණා.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා ගාල්ල, කපුහෙන්පොළ නිවසේදී අභාවප්‍රාප්ත වී ඇති බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේය.

ශ්‍රී ලාංකික මාධ්‍ය ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයක් ලෙස කටයුතු කළ ඔහු රාවය පුවත්පතේ නිර්මාතෘවරයා මෙන්ම ප්‍රධාන කතෘවරයා වශයෙන්ද කටයුතු කළා.

චෞර රැජිණ‍, 71 කැරැල්ල‍, නොනිමි අරගලය‍, දේශපාලනයේ පවුල සහ කුලය වැනි දේශපාලනික කෘතින් රැසක කතුවරයා වූ ඔහු මෙරට සමාජ‍, ආර්ථික‍, දේශපාලනික සහ සංස්කෘතික ක්ෂේත්‍රය කෙරෙහි ඉමහත් මැදිහත්වීමක් සිදුකළ මාධ්‍යවේදියෙක් ලෙස ප්‍රකටයි.