Spread the love

වර්ෂාවත් සමඟ ප්‍රධාන ජලාශ 73 න් 39ක් මේවන විට වාන්දමා ඇතිබව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු සුදර්ශනී විධානපතිරණ මහත්මිය පැවසූවාය.

මධ්‍යම පරිමාණ ජලාශ රැසක් වාන් දමමින් තිබෙ.

දැදුරුඔය ,තබ්බෝව ,ඉගිනිමිටිය සහ රාජාංගනය යන ජලාශ වල වාන්දොරටු විවෘත්ත කිරීමත් සමඟ ජලාශ පහළ ජනතාව අවධානයෙන් සිටිය යුතුබව පැවසුවාය.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් සමස්ත ජලාශ වල ජල ධාරිතාව 65%ක් ලෙස දැක්වෙයි.

එහෙත් අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රධානතම ජලාශය වන සේනානායක සමුද්‍රයේ ජල මට්ටම 30%ක් දක්වා පමණක් ඉහළගොස් තිබේ.

මහවැලි අධිකාරියට අයත් ජලාශ වල ජල ධාරිතාව වර්ෂාවත් සමඟ 87% දක්වා ඉහළගොස් තිබේ.

ඒ අනුව වික්ටෝරියා ජලාශය වරින් වර වාන් දැමීම සිදුවෙයි.

කොත්මලේ ජලාශයේ ජල ධාරිතාව 99% ලෙස දැක්වෙන බව මහ වැලි අධිකාරිය පවසයි.