Spread the love

ආණ්ඩුව විසින් ජල වෙළඳපොළ සංකල්ප යටතේ ජලය විකුණා දැමීමේ සූදානමක් පවතින බව ජාතික ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

ඒ හරහා බොන වතුරට ද මිලක් අය කරනු ඇති බවත් වගා ජලයට ද මිලක් නියම වනු ඇති බවද ඔහු පෙන්වා දෙයි.

ජලය පෞද්ගලිකරණය කිරීමේ උත්සාහයට දීර්ඝ ඉතිහාසයක් පවතින බවත් ඒ සෑම අවස්ථාවකදීම ජනතා උද්ඝෝෂණ හමුවේ ඒවා යටපත් වූ අතර නැවතත් වර්තමාන ආණ්ඩුව එය ඉදිරියට ගෙන ඇවිත් තිබෙන බවත් ඔහු කියා සිටී.

දැනටමත් ඊට අදාළ කැබිනට් පත්‍රිකාවට අනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජල කළමනාකරණ කරන පනත් කෙටුම්පතක් සකස් කරමින් සිටින බවද පවසන ඔහු මෙම ජනතා විරෝධී ජල පනත කිසිසේත්ම සම්මත වීමට ඉඩ නොදෙන බවත් තවදුරටත් කියා සිටියේය.