Spread the love

15 වැනි ජන හා නිවාස සංගණනයේ පුද්ගල සහ නිවාස තොරතුරු රැස් කිරීම, හෙටින් (07) ආරම්භ කෙරේ.

ඒ සඳහා සංගණන නිලධාරීන් හෙට සිට ගෙයින් ගෙට පැමිණෙන බවයි ජනලේඛන හා  සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනෝජා සෙනවිරත්න මහත්මිය සඳහන් කළේ.

පසුගිය කාලයේ කළ ලැයිස්තුගත කිරීම්වලදී 2012 සංගණනයට සාපේක්ෂව නිවාස ඒකකවල 24% ක වැඩිවීමක් පෙන්නුම් කරන බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.