Spread the love

ඩුබායි වල රැදී සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනු ලබන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දේවේන්ද්‍ර යන අයගේ මත්ද්‍රව්‍ය බෙදා හැරීම සිදුකරන මාදංගහවත්තේ ජනා නැමැති අන්වර්ථ නාමයෙන් හැදුන්වනු ලබන දිනේෂ් පුෂ්පකුමාර යන අය යුක්තිය මෙහෙයුමට බියෙන් ජාවාරම සිදු කරනු ලබන මොරටුවැල්ල ප්‍රදේශයෙන් පලා ගොස් කුඩාඔය ප්‍රදේශයේ සැගවී සිටිමින් එහි සිට මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරන බවට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. ඉන්දික වීරසිංහ වෙත ලද තොරතුරකට අනුව මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකායේ අධ්‍යක්‍ෂ, පොලිස් අධිකාරි, සමන්තිලක වැලිවිට මහතාගේ සැලසුම් වලට අනුව වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරින් කණ්ඩායමක් කුඩාඔය ඇතිළිවැව ප්‍රදේශයේ සිදු කරන ලද ආවේක්‍ෂණ රාජකාරියකට අනුව ප්‍ර.පො.ප. මහේන්ද්‍ර, උ.පො.ප. සදරුවන් ඇතුළු නිලධරයන් කණ්ඩායමක් යොදවා ප්‍රධාන ජාවාරම්කරු සමඟ හෙරොයින් ග්‍රෑම් 490 ක් අත් අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශණ කටයුතු සදහා කුඩාඔය පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.

මෙම ජානා නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට එරෙහිව මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 97991 දරණ නඩුව යටතේ 2023.06.05 දින විවෘත වරෙන්තුවක් නිකුත් කර ඇති අතර, මොහුට එරෙහිව අරගල සමයේ මොරටුව අළුත් පාර, ආසිරි බාර් රථ බීම හල කොල්ලකෑම සම්බන්ධයෙන් මොරටුව අධිකරණයේ නඩුවක් ද පවති.

මෙම මත්ද්‍රව්‍ය ජාලයේ තවත් සැකකරුවන් සම්බන්ධ ලද තොරතුරු වලට අනුව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. ඉන්දික වීරසිංහ සහ අධ්‍යක්‍ෂ, පොලිස් අධිකාරි සමන්තිලක වැලිවිට මහතා විසින් මෙම ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ සැලසුමක් සකස් කර යුක්තිය මෙහෙයුමට සමගාමීව ක්ෂණිකව පො.ප. සම්පත්, උ.පො.ප. රත්නායක ඇතුළු නිලධාරින් කණ්ඩායමක් සහ උ.පො.ප. චතුරංග, උ.පො.ප. ජයවීරගේ ප්‍රධානත්වයෙන් යුත් වැටලීම් කණ්ඩායම් 02 ක් යොදවා සැකකරුවන් තිදෙනෙකු හෙරොයින් ග්‍රෑම් 19.65 , අයිස් ග්‍රෑම් 02.48 සහ මුදල් රුපියල් 2,34,480/= ක්, යතුරු පැදියක් සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශණ කටයුතු සදහා සැකකරුවන් හා නඩු භාණ්ඩ මොරටුව පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.

අත්අඩංගුවට ගන්නා ලද සියළුම සැකකරුවන් රදවා තැබීමේ නියෝග මත රදවා ඉදිරි විමර්ශන සිදු කිරීමට කටයුතු කර ඇත.