සාමාන්‍ය පෙල විභාගය මැද පුංචි ඡන්දය පවත්වා දරුවන්ගේ අනාගතය විනාශ කරන්න එපා යැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
ඒ මහතා මේ බව සදහන් කර සිටියේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
ඥාතියෙක් හෝ මිත්‍රයෙක් ලෙස ඉන්නවා. රටේ වගේම ගෙවල් තුල තිබෙන කලබලකාරි පරිසරය දරුවන්ගේ මානසිකත්වයට බලපානවා. ඒ නිසා සාමාන්‍ය පෙල විභාගය මැද පුංචි ඡන්දය පවත්වලා දරුවන්ගේ අනාගතය විනාශ කරන්න එපා කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.
සුළි සුළඟක් එනවා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවලා තිබිය දී විභාගය කල් දාන්න කියලා දරුවන් ඉල්ලා සිටිය දී ඉතාම උද්ධච්ඡ ආකාරයෙන් පසුගිය උසස් පෙල විභාගය කල් දාන්න අගමැතිතුමිය ප්‍රතික්ෂේප කලා. සුළි සුළඟ නිසා තමන්ගේ ගෙවල් පොත්පත් විනාශ වුණු දරුවන් ආණ්ඩුවේ මුරණ්ඩුකම නිසා දැඩි අපහසුතාවයන්ට මුහුණ දුන්නා. ඒකෙන්වත් පාඩමක් ඉගෙන ගෙන උසස් පෙල දරුවන් දැම්ම අමාරුවේ සාමාන්‍ය පෙල දරුවන් දාන්න එපා කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.
අප්‍රේල් මුල් සතියේ මැතිවරණය ප්‍රකාශයට පත් කලොත් අවුරුද්දෙන් පස්සේ නාමයෝජනා භාර ගෙන මැයි මස අග මැතිවරණය පැවැත්වීමට හැකියාව තිබෙනවා. එතකොට මැතිවරණයෙන් අපේ දරුවන්ට බාධාවක් වීම වැලැක්වෙනවා.