ජනාධිපති කාර්යාලය ආරක්ෂාව මේ වන විට තවදුරටත් දැඩිකර ඇතැයි නව ජනතා පෙරමුණේ නායක සුගීශ්වර බණ්ඩාර මහතා සඳහන් කරයි.
පොලිස් නිල සුනඛයන් පවා යොදා දිනපතා පරීක්ෂාවට ලක් කරන බවද ඔහු පැවසීය.
ජනාධිපති කාර්ය මණ්ඩලයේ සේවකයන් ජනාධිපති කාර්යාල ලේකම් කාර්යාලට ඇතුළු වෙද්දී පූර්ණ ශරීර පරීක්ෂාවකට ලක් කරමින් ඇති බවත් ඔහු පැවසුවේය.
නමුත් මින් පෙර කිසි අවස්ථාවක ජනාධිපති කාර්යාල සේවකයන්ගේ ශරීර
පරීක්ෂාවක් සිදු නොවූ බවත් හෙතෙම කියා සිටී.
කොළඹදී මාධ්‍ය වෙත ඒ මහතා මෙම අදහස් පළ කළේය.