Spread the love

ආන්දෝලනාත්මක එන්නත් ගනුදෙනුව සම්බන්ධයෙන් වන නීති කෘත්‍යට මුළු කැබිනට් මණ්ඩලයම අධිකරණයට කැඳවා සාක්‍ෂි ගත යුතු බවට ජනාධිපති නීතිඥ අනූජ පේ‍්‍රමරත්න මහතා ඉල්ලා සිටියි.

ඔහු මෙසේ කියා සිටියේ අත්අඩංගුවට ගන්නා ලද හිටපු සෞඛ්‍ය අමාත්‍ය වත්මන් පරිසර ඇමති කෙහෙළියට මහතා වෙනුවෙන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරමිනි.

ප‍්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් ආනයනය සම්බන්ධයෙන් වන පරීක්‍ෂණවලට අදාලව අමාත්‍යවරයා අත්අඩංගුවට ගත් අතර ඔහුට ඇප නියම කරන ලෙස ඉල්ලමින් නීතීඥවරයා මෙසේ අදහස් පළ කළේය.

“ස්වාමිනි පැමිණිල්ල කියනවා, මගේ සේවාදායකයා ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාව නිසා මුළු කැබිනට් මණ්ඩලයම නොමඟ ගිහිල්ලා කියලා. කැබිනට් මණ්ඩලය ඔවුන් වෙත එන ඕනෑම කැබිනට් පත්‍රිකාවක් අත්සන් කරනවා ද? කරුණාකර මුළු කැබිනට් මණ්ඩලයම කැඳවන්න ඔවුන් නොමඟ ගියේ කොහාමද කියලා සාක්ෂි ගන්න. ෆයිල් නැතිවුනා නම් ස්වාමිනි ෆයිල් නැතිකරපු කෙනා සොයාගන්න කියන්න. ඒකට ඇමතිට නඩු දාන්න එපා. මොකද උසාවියක නඩු භාණ්ඩ නැතිවුණා කියලා විනිසුරුවරයා වැරදි නැහැනේ. ස්වාමිනි බැලු බැල්මටම මගේ සේවාදායකයාට එරෙහිව නඩු කටයුත්තක් නැති හෙයින් ඔහුව නිදහස් කරන්න. මගේ සේවාදායකයා රෝග රැසකට බෙහෙත් වර්ගම 07ක් බොනවා.”