Spread the love

ජනාධිපතිවරණ අපේක්ෂකයෙකුට සහාය දැක්වීම සම්බන්ධව මෙතෙක් තීරණයක් ගෙන නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

ඇතැම් දේශපාලනඥයන්ගේ ප්‍රකාශ තුළින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයෙකුට සහ ආණ්ඩුවට සහාය දැක්වීම පිළිබඳව පලවන්නේ සාවද්‍ය පුවත් බවත් බවත් පක්‍ෂය කියා සිටී.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිදු ජනාධිපති අපේක්ෂකයෙකුට හෝ පවතින ආණ්ඩුවට සහාය දැක්වීමට දේශපාලන පක්ෂයක් ලෙස මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අවධාරණය කරන බවත් පක්‍ෂය නිවේදනය කරයි.