Spread the love

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් 34 දෙනෙකු ප්‍රචාරක වියදම් වාර්තා මෙතෙක් ලබාදි නොමැති බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 38 දෙනෙකු තරග කෙරිණි.

ඒ අනුව ඉන් අපේක්ෂකයන් 04 දෙනෙකු පමණක් ආදායම් වියදම් වාර්තා ලබාදී තිබේ.

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක විජේදාස රාජපක්ෂ , ශ්‍රි ලංකා සමාජවාදි පක්ෂයේ ජනාධිපතිධූර අපේක්ෂක මහින්ද දේවගේ,ස්වාධීන අපේක්ෂක ප්‍රේමසිරි මානගේ සහ කේ.ආනන්ද කුලරත්න යම පුද්ගලයන් එලෙස ආදායම් වියදම් ලබාදී තිබේ.

මැතිවරණ වියදම් සීමා කිරීමේ පනතට අනුව ලබන ඉරිදාට (13) පෙර එම වාර්තා ලබාදිය යුතුය.

අදාළ කාලසීමාව තුළ වියදම් වාර්තා ලබා නොදෙන අපේක්ෂකයන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව එම කොමිෂන් සභාව පවසයි.
13 වැනිදාට පසුව වාර්තා ලබාදුන්නද එය නීති විරෝධි ක්‍රියා යටතට ගෙන දඩුවම් ලබා දෙන බව වැඩිදුරටත් ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.