Spread the love

ව්‍යවස්ථාවට අනුව වසර 5 කින් ජනාධිපතිවරයාගේ ධුුුර කාලය අවසන් වන බැවින් ජනාධිපතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම කටයුතු කළ යුතු බව නිදහස ජනතා සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසයි.

ඒ අනුව අද දිනයේ සිට දින 12 කින් ජනාධිපතිවරණය කැඳවීමට මැතිවරණ කොමිසමට බලය ලැබෙන බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රතිපාදනවලට අභියෝග කිරීමට කිසිවෙකුට නොහැකි බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම වැඩිදුරටත් පවසා සිටියේය.