Spread the love

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජාතික අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය ඒකමතිකව තීරණය කර තිබේ.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව කොළඹදී රැස්වී ඇති අතර එහිදී මෙම තීන්දුව ගෙන ඇත.

එළැඹෙන සැප්තැම්බර් මාසයේදී ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇති අතර එහිදී වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්‍ෂකයෙකු ලෙස තරග කරනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියා සිටී.

ජනාධිපතිවරයෙන් අනතුරුව පාර්ලිමේන්තු මැතිවරණයත් පළාත් සභා මැතිවරණයත් පැවැත්වීමට නියමිතව ඇත.