Spread the love

ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයන් දමිළ ජනතාවට අවශ්‍ය නැති බවත් එවැනි නිශ්ඵල ක්‍රියාවන් කිරීම තුළින් දමිළ ජනතාවට හානියක් වන
බවද ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පවසයි

එළැඹෙන ජනාධිපතිවරණයේදී දමිළ ජනතාව නියෝජනය කරන්නට පොදු අපේක්ෂකයෙක් පිළිබදව යමි යම් පාර්ශවයන් අදහස් දක්වමින් නිරර්ථක උත්සාහයක යෙදෙන බවත් එය සම්පූර්ණ මායාවක් බවත් ප්‍රකාශ කල අතර එදා තමාහට තිබූ බිය නිසා ප්‍රභාකරන් සියලු දමිළ පක්ෂ එකතු කොට එක මල්ලකට දමා ටී.එන්.ඒ නැමති සංවිධානයක් ආරම්භ කොට එය මහා ව්‍යාපාරයක් බවට පත් කිරීමට උත්සහ කලත් දැන් ඒ පක්ෂ සී සී කඩ විසිර ගොස් විවිධ මතවාදයන් ඉදිරිපත් කරමින් දමිළ ජනතාවගෙන් වියෝ වී ගොස් තිබෙන බවද පැවසීය.