Spread the love

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පොලිස්පති ධුරය සඳහා එවන ලද නම 17 දිනයේ දෙවන වතාවටත් ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේ දී මේ බව කියා සිටියේය.

ඒ අනුව දැනට පොලිස්පති ලෙස කටයුතු කරමින් සිටින්නේ විශ්‍රාම ගියේ සී.ඩී. වික්‍රමරත්න මහතා බව ද ඔහු පැවසීය.

වික්‍රමරත්න මහතා තවදුරටත් පොලිස්පති ධුරයේ තබාගැනීමට නීතිවිරෝධී බවත් එසේම ඔහු තව දුරටත් පොලිස්පති ධුරය තබාගෙන ගන්නේ කුමක් නිසාදැයි මන්ත්‍රීවරයා තවදුරටත් ප්‍රශ්න කළේය.

පාර්ලිමේන්තුවේ අයවැය විවාදය අතරතුර ඔහු මෙම පැනය කථානායකවරයාගෙන් විමසා සිටියේය.