Spread the love

පසුගිය වසරේ ජූලි මාසයේ නම වන දා, එවකට අග්‍රාමාත්‍යවරයාව සිටි, වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මල්පාරේ පිහිටි නිවස ගිනි තැබීම සම්බන්ධයෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. රංගා සැකකරුවකු ලෙස නම් කර තිබේ.

ඒ අනුව, ජේ.සී. රංගා, මැයි මාසයේ 03 වන දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් බන්ධනාගාර නිළධාරීන්ට නියෝග කර තිබේ.

ජේ.සී. රංගා මහතා මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටියි. ඒ, 2011 වසරේ දී ඔහු අතින් සිදුවූ බව කියන මාරාන්තික රිය අනතුරක සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම හේතුවෙනි.