අද වන විට ආණ්ඩුවේ ජනප්රසාදය ඉහළ ගොස් ඇති බව ජනාධිපති වෘත්තීය සමිති උපදේශක සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරයි.
ආසන්නව සිදුකර ඇති සමීක්ෂණවලින් ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය තුන් ගුනයකින් ගොස් ඇති බවද හෙතෙම පවසයි.
සත්‍ය වශයෙන්ම ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය ඉහළ ගොස් ඇත්තේ තුන් ගුණයකින් නොව දසගුණයකින් පමණ බව ඉදිරි මාස දෙකේදි බලාගත හැකි වනු ඇති බවත් හෙතෙම කියා සිටී.
අර්බුදයට ලක්ව තිබූ රට අද වන විට භාගයක් ගොඩ දමා අවසන් බවත් ඉදිරි බාගයද ගොඩනැගීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතාට බලය ලබා දිය යුතු බවත් පැවසූ ඔහු ඒ බව රටේ ජනතාවට තේරුම් ගෙන ඇතැයිද පවසයි.
ජනාධිපතිවරණ මැතිවරණයේ අනිවාර්යෙන්ම පවත්වන බවත් එයින් රනිල් වික්‍රමසිංහ මහතා විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගන්නා බවත් හෙතෙම තවදුරටත් සඳහන් කළේය.