Spread the love

වාහන ආනයනයට අදාළ නව ගැසට් පත්‍රයක් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිකුත් කිරීමට නියමිතව තිබේ.

ඒ අනුව දැනට රේගුවේ සිරවී තිබෙන ආනයනික වාහන 400කට ආසන්න ප්‍රමාණයක් නිදහස් කිරීමට ඇති වී තිබෙන බාධා එමගින් ඉවත් කරනු ඇත.

එම වාහන මුදා හැරීමට බාධා වී පැවතුණේ ජපානයෙන් මෙරටට අපනයන පරීක්ෂණ සහතික පත් ලබාගත් සමාගමේ ප්‍රමාදයකි.

වාහන ආනයනකරුවන් පෙන්වා දෙන්නේ මෙම වාහන දැනට දින විස්සකට වැඩි කාලයක් වරායේ සිරවී තිබෙන බවයි.

එම වාහන වෙළඳපොළට පැමිණි විට වාහන මිල පහත යනු ඇති බවත් පවසන ආනයනකරුවන් තවදුරටත් එය ප්‍රමාද වුවහොත් වාහන මිල ඉහළ යනු ඇති බවද පැවසූහ.