Spread the love

පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇති බව රජයේ මුද්‍රණාලය පවසයි.

ඒ අනුව අප්‍රේල් මස 05 වැනිදා වන විට එම ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසම වෙත භාරදීමට පියවර ගන්නා බව මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර මහතා පැවසීය.

මීට අමතරව පළාත් පාලන  මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සහ ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු ද මේ වන විට සිදුකෙරෙන බව ඔහු සඳහන් කළේය.

ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අදාළව සියලුම දිස්ත්‍රික්කවල තොරතුරු මේ වන විට මුද්‍රණාලය වෙත ලැබී ඇති බව සඳහන්ය.