Spread the love


නිමල් රාජපක්ෂ-

ඉන්දියාවේ චෙන්නායි බලා ගමන් කිරිමට පැමිණි ගුවන් මගියකුගේ ගමන් මල්ලේ සගවා තිබු රුපියල් ලක්ෂ 16 ක් වටිනා මැණික් ගල් තොගයක් ගුවන්තොටුපල ආරක්ෂ අංශ සමත්වි ඇත.
අදාල මගියා පිළිබද සැකසිතී කල පරික්ෂාවකදී එක්සේ යන්ත්‍ර වලට හසු නොවන ආකාරයෙන් කාබන් කොලවල ඹතා තිබු ග්‍රෑම් 482.02 ක් බර විවිධ වර්ගයේ මැණික් ගල් තොගයක් සොයා ගැනීමට සමත්වී ඇත.
ශ්‍රී ලන්කන් ගුවන් යානා අංක UL 127 දරණ ගුවන් යානාවෙන් ඉන්දියාවේ චෙන්නායි බලා ගමන් කිරිමටයි මෙම මගියා පැමිණ සිටියේ.
අත්අඅඩංගුවට මැණික් ගල් තොගය සමගින් මගියා වැඩි දුර පරීක්ෂණ පැවැත්විම සදහා ගුවන් තොටුපල ආරක්ෂක නිලධාරීන් රේගු නිලධාරීන් වෙත බාරදි තිබේ