Spread the love

අමෙරිකානු ගුවන් සීමාවේ තිබී විනාශ කළ චීන බැලුනය සම්බන්ධයෙන් අමෙරිකාව තවදුරටත් තොරතුරු අනාවරණය කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඒ අනුව මතභේදාත්මක බැලුනය චීනය විසින් සිය රටේ සන්නිවේදන කටයුතු පිළිබඳව දත්ත රැස්කිරීමට එවන ලද්දක් බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ බලධාරීන් අනාවරණ කර තිබේ.

අදාළ චීන බැලුනය මෙහෙයවමින් තිබී ඇත්තේ ඉලෙක්ට්‍රොනික නිරීක්ෂණික තාක්ෂණයෙන් යුතුව බවද ඔවුන් පවසා ඇත.

එය නිරීක්ෂණ මෙහෙයුම් සඳහා සංවර්ධනය කරන ලද්දක් බවට ද අමෙරිකාව චෝදනා කර තිබේ.

මෙම බැලුනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමෙරිකාව සඳහන් කරන්නේ එය අමෙරිකාවේ ස්වෛරීත්වය හා ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කළ සිදුවීමක් බවටය.

එමෙන්ම එම චීන බැලුනය මහාද්වීප 05ක රටවල් 40 ක් හරහා පියාසර කර ඇති බවද අමෙරිකානු බලධාරීන් අනතුරු අඟවා ඇත.