Spread the love

දිවයිනට පැමිණි “Shi Yan 6” චීන පර්යේෂණ නෞකාව, නාරා ආයතනය සමග එක්ව මෙරට බටහිර මුහුදේ සිදුකරන පර්යේෂණ කටයුතු අද (30) ආරම්භ කිරීමට නියමිතව තිබේ.

“Shi Yan 6 චීන පර්යේෂණ නෞකාව පසුගිය 25 වන දා කොළඹ වරායට ළඟා වු අතර අදාළ පර්යේෂණ අද සහ හෙට (31) යන දෙදින තුළ සිදුකිරීමට විදේශ කටයුතු අමාත්‍යංශය පසුගිය දා අවසර ලබාදී තිබුණි.

මෙම පර්යේෂණයට අදාළව නෞකාවේ තාක්ෂණය යොදා ගනිමින් බටහිර මුහුදේ ජල සාම්පල ලබාගැනීමට නියමිත අතර ඒ සඳහා නාරා ආයතනය මෙන්ම නාවික හමුදා නිලධාරීන් ද සහභාගී වීමට නියමිතය.

‍ඒ අනුව දිවයිනට පැමිණ ඇති “Shi Yan 6” චීන පර්යේෂණ නෞකාව සිදුකරන පරීක්ෂණ කටයුතු සඳහා නාරා ආයතනය ඊයේ (29) දිනයේ සම්බන්ධ වී තිබුණි.

ඊට නාරා ආයතනයේ නිලධාරීන් සිව්දෙනෙකු සහ නාවික හමුදා නිලධාරීන් දෙදෙනෙකු සහභාගී වීමට නියමිතය.

එහිදී මුහුදු ජලයේ ලවණතාවය සහ උෂ්ණත්වය පිළිබඳ පරීක්ෂණ සිදුකිරීමට නියමිත අතර මෙම පරීක්ෂණ 2010 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා අඛණ්ඩව සිදුකර ඇති බව සඳහන්ය.