Spread the love

පසුගිය දින කිහිපය තුළ චීන ජාතිකයන් 460 අධික පිරිසක් අත්තඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

සැකකරුවන් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණ ආරම්භ කර තිබේ.

සැකකරුවන් සංචාරක වීසා මගින් මෙරටට පැමිණ ඇතිබව මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

එහෙත් ඔවුන් මෙරට රැදී සිටිමින් රැකියා කිරීම් සම්බන්ධයෙන් ආගමන විගමන නියාමන පනත යටතේ ද විමර්ශන කටයුතු ක්‍රියාත්මක බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.