Spread the love

පසුගියදා ඇතිවූ හදිසි ගංවතුර තත්ත්වයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා චීන රජයෙන් රුපියල් මිලියන 30 ක මුදලක් පරිත්‍යාග කර ඇත.

ජනාධිපති කාර්යාලයේදී අද (22) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවූ ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong එම  මුදල නිල වශයෙන් ජනාධිපතිවරයා වෙත භාරදී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

විපතට පත් වූවන් වෙනුවෙන් හදිසි සහන සැලසීම මෙන්ම ගංවතුර තත්ත්වය වැළැක්වීම සහ කළමනාකරණයට අදාළව ගත යුතු දීර්ඝකාලීන උපායමාර්ග පිළිබඳව ද මෙම හමුවේදී සාකච්ඡා කර ඇත.