Spread the love

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක නැව​ත රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

නඩු තුනක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අද (27) අධිකරණයට ඉදිරිපත් කර තිබුණු අතර, නඩු දෙකකින් අද දවස තුළදීම ඔහු​ට ඇප හිමි වුවත්, එක නඩුවකට අදාළව ඔහු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව චාමර සම්පත් දසනායක අප්‍රේල් 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙන්නේ.

රාජ්‍ය බැංකුවක පවත්වාගෙන ගිය ස්ථාවර තැන්පතු එම බැංකුවෙන් ඉවත්කර ගැනීමෙන්, රජයට රු. මිලියන 23 ක පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.