2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා කණ්ඩායම් තවදුරටත් රඳවා ගන්නා ක්‍රීඩකයන් පිළිබඳව විස්තර නිවේදනය කළේය.
ඒ අනුව ගියවර තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 6දෙනා අතුරින් ක්‍රීඩකයන් සිව්දෙනෙක් තවදුරටත් ඔවුන් ක්‍රීඩාකළ කණ්ඩායම්වලම රඳවාගැනීමට එම කණ්ඩායම් තීරණය කර ඇති බව වාර්තා විය.
රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග, චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරන මහීෂ් තීක්ෂණ, මතීෂ පතිරණ සහ පංජාබ් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකා පිතිකරු භානුක රාජපක්ෂ තවදුරටත් එම කණ්ඩායම්වලම රඳවාගැනීමට නියමිතය.
ඒ අනුව පසුගිය වසරේ අයි පී එල් තරගාවලියේදී ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම නියෝජනය කළ දුෂ්මන්ත චමීර සහ කොල්කටා නයිට් රයිඩර්ස් පිල නියෝජනය කළ චාමික කරුණාරත්න ඔවුන්ගේ සංචිත වලින් නිදහස්කර තිබුණි.