ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට නියමිත බව හිටපු කථානායක චමල් රාජපක්ෂ පවසයි.
දේශපාලනයේ ඉහළ පහළ යාම් සිදුවන බවත්, මෙවර පහළම තැනක සිට යළි ආරම්භ කරන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු කථානායකවරයා සඳහන් කළේ.
ජනතාවගේ ඉල්ලීම පරිදි තමන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඕනෑම ස්ථානයකින් ඉදිරිපත්වීමට සූදානමින් සිටින බවද හිටපු කථානායක චමල් රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කරයි.