Spread the love

අයිතිකරුවෙකු නොමැති සුඛෝපභෝගී ජීප් රථයක් මාර්ගයක් අසල දමා තිබීම හේතුවෙන් කැලණිය ගෝනවල ප්‍රදේශයේ නොසන්සුන් තත්ත්වයක් හටගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සැක සහිත බැවින් ප්‍රදේශවාසීන් ඒ පිළිබදව කැලණිය පොලිසියට පැමිණිලි කර තිබේ.

පොලිස් කණ්ඩායම් විසින් රථය පරීක්ෂා කිරීමේදී එහි තිබී පිස්තෝල වර්ගයේ ගිනි අවියක්. 

රැම්බෝ වර්ගයට අයත් පිහියක්, කඩු කිහිපයක්, යකඩ පොල්ලක් සහ මදන මෝදක ගුලි කිහිපයක් සොයාගෙන තිබිණ.

රථයේ අයිතිකරු සොයා සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම රථය ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු වන ප්‍රදීප් වික්‍රමසිංහ නම් පුද්ගලයෙකුට අයත් බවයි. 

කැලණිය පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී ඔහු පාපොච්චාරණය කර ඇත්තේ අද අලුයම රථය මෙසේ දමා ගිය බවයි. 

තමා බීමත්ව සිටි බවත් රථයේ ඉන්ධන අවසන් වීම හේතුවෙන් සිය රථය මාර්ගයේ නවතා දැමීමට තමා තීරණය කළ බවද ඔහු වැඩි දුරටත් සදහන්

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.