Spread the love

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය ලබාදුන් පුද්ගලයකු ලෙස තමන් ඒ පිළිබඳව ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බව හිටපු යුද හමුදාපති සමගි ජන බලවේගය ප්‍රතිපත්ති සම්පාදක ප්‍රධානී ජනරාල් දයා රත්නායක මහතා සඳහන් කරයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා අතීතයේ දී දක්ෂයකු බව ඔප්පු කර තිබුණද ජනාධිපති වූ පසු අඩුපාඩු සිදුවූ බවද හෙතෙම පෙන්වා දෙයි.

කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතා හොරෙක් හෝ වංචාකාරයෙකු යයි තමන් කිසිසේත්ම විශ්වාස නොකරන බවද හෙතෙම පැවසුවේය.

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා බවට පත්කොට පැත්තකට වී නොසිට පාර්ලිමේන්තු ගොස් වගකීම් දරමින් රට නිවැරදි මාවකට යොමු කරන බවද හෙතෙම තවදුරටත් සඳහන් කළේය.

රූපවාහිනී නාලිකාවක් සමඟ සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී