Spread the love


නිමල් රාජපක්ෂ-

කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියට (ASMP) අයත් බෝගවර්ග වගාකරන ගොවීන්ට අතිනවීන තාක්ෂණය, පුහුණුව, වෙළඳපොළ සහ අගයදාම ක්‍රියාවලිය මඟින් ඔවුන්ගේ නිෂ්පාදනවල ගුණාත්මක තත්ත්වය ඉහළ නැංවීම සඳහා වන නව වැඩපිළිවෙලක් කෘෂිකර්ම අමාත්‍යාංශය ආරම්භ කරයි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම වැඩසටහන ඊයේ (04) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්විණි. එම අවස්ථාවට ප්‍රධාන වශයෙන් සහයෝගය ලබාදෙන UNIDO හෙවත් එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධනය සඳහා වන සංවිධානය, එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම වැඩසටහන, BESPA හෙවත් Best Standards Practices For Agri Sector Development සහ ලෝක බැංකුව නියෝජනය කරමින් නියෝජිතයෝ රැසක් සහභාගී වූහ.

මේ තුළින් ගොවීන්ට වගාව සඳහා අවශ්‍ය නව දැනුම, තාක්ෂනික උපක්‍රම, මුල්‍ය පහසුකම් මෙන්ම තම නිෂ්පාදන බෝග සඳහා වෙළෙදපොළ හඳුනාගැනීම පිළිබඳ මුළික පුහුණුවක් ලබා දෙයි.